වැල්ලවායේ දී හෙරොයින් සමඟ පස් දෙනෙක් අත්අඩංගුවට

අප්‍රේ 06, 2021

    වැල්ලවාය, සිරිපුරගම ප්‍රදේශයේ දී සිදු කල හදිසි වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් අතර එකම පවුලේ මව,පුතා සහ එම කාන්තාවගේ අනියම් සැමියා ද වන අතර ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි රැදීසිටිමින් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන මෙම ජාවාරම ඉතාමත්ම සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්ග්‍රෑම් නමයයි මිලිග්රැම් හාරසිය අනූවක් සහ අයිස් ග්‍රෑම් දෙකයි මිලිග්රැම් හත්සිය තිහක්පොලිසිය විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් වල වටිනාකමක රුපියල් ලක්ෂ එක හමාරකට අධික බව පොලිසිය පවසන අතර සැකකරුවන් දීර්ඝකාලයක සිට විවිධ ප්‍රදේශවල නවාතැන් ගනිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද අනාවරණය වී තිබේ.

    මෙම සැකකරුවන් අරලගංවිල පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පිළිවෙලින් වයස අවුරුදු විස්ස,තිහ,තිස් එක,තිස් තුන,සහ තිස් පහ යන වයස් වල පසුවන් බව වැල්ලවාය පොලිසිය පැවසීය.

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 10:10

    Latest News