අද නවම් පුරපසලොස්වක පොහොය දිනයයි

පෙබ 23, 2024

    සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ  නවම් පුරපසලොස්වක පොහොය අදයි. 

    ඒ නිමිත්තෙන්, දිවයිනපුරා විහාරස්ථානවල අද දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. 

    බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසව් තනතුරට පත්කළේ,  අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

    වේලුවනාරාමයේදී ප්‍රථම සංඝ  සම්මේලනය පැවැත්වුණේද නවම් පොහෝ දිනකයි.

    සංඝ සමාජයේ අභිවෘද්ධියට හේතුවූ ඔවාදප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ සිය ආයු සංස්කාරය අත්හැරීම ද අද වැනි දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

    Latest News