ආහාර හිඟයට විසඳුමක් Upcycled foods

පෙබ 24, 2024

    දළ වශයෙන් ලෝකයේ ආහාර වලින් තුනෙන් එකක් අපතේ යනවා. එය ටොන් බිලියන 1.3 ක පමණ ප්‍රමාණයක් කීවොත් ඔබ විශ්මයට පත් වේවි.


    ලොව පුරා මිලියන 740ක පමණ ජනතාවක් ආහාර හිඟ වීමෙන් කුසගින්නේ පීඩා විඳිනවා.

     

    Upcycled foods (උපචක්‍රීයකරන ලද ආහාර) මෙයට යම් පිළියමක් විය හැකියි.


    ඇපල්, දොඩම්, කෙසෙල් වැනි පළතුරු සහ අර්තාපල්, කැරට් වැනි එළවලු වල ඉතිරි කොටස්, යුෂ,පොතු, ලෙලි වැනි කොටස් මස්, මාළු වල ඉතිරි කොටස්, අල වර්ග සහ පාන් වැනි සැකසූ ආහාර වල ඉතිරි කොටස්, ධාන්‍ය ආදිය කල් තබා ගත හැකි වන පරිදි ඇසුරුම් කර වෙළඳපලට නිකුත් කිරීම මෙහිදී සිදු වනවා.

    එමෙන්ම සුප්, ජෑම්, චට්නි, චිප්ස්, බයිට්ස් වැනි වෙනත් බොහෝ නිෂ්පාදනත් ඒ අතර වනවා.

    මේ වන විට විවිධ සමාගම් විවිධ සන්නාම යටතේ මෙම නිර්මාණශීලී ව්‍යාපාරික අවස්ථාව තෝරා ගෙන ඇති අතර එය අද වන විට ඩොලර් බිලියන 54ක වෙළඳපල වටිනාකමක් අත්පත් කරගෙන තිබෙනවා. 2031 වන විට එහි අගය ඩො.බිලියන 97 ක් දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

    2048 දී ලෝක ජනගහනය බිලියන 10 දක්වා ඉහළ යාම හේතුවෙන් ඇති වන ආහාර අර්බුධයට පෙර සූදානමක් ලෙසද මෙය හැඳින්විය හැකියි.

    එමෙන්ම ආහාර අප‍තය අඩු කිරීම සහ අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන අපිරිසිදු බව, මීතේන් විමෝචනය අඩු කිරීම සඳහා ද මෙය කදිම පිටුවහලක් වනවා.

     

    Last modified on සෙනසුරාදා, 24 පෙබරවාරි 2024 17:22

    Latest News