අනවසරෙන් මාළු ඇල්ලූවන්ට වැඩ වරදියි

දෙසැ 07, 2023
    මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 4 ක් සමග, ධීවරයන් 21 දෙනෙකු ඊයේ සවස නාවික හමුදාව බාරයට ගෙන තිබෙනවා.
    මෙහෙයුම සිදුකර ඇත්තේ මන්නාරමට ඔබ්බෙන් මුහුදු ප්රදේශයේදී සහ කන්කසන්තුරය, කෝවිලන් ප්රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශයේදී.
     
    උතුරු මැද සහ උතුරු නාවික විධාන මගින්, ඊයේ සවස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී තිබූ ඉන්දීය ධීවර යාත්රා ගණනාවක් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
     
    එහිදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කරමින් සිටි එරට ධීවර යාත්රාවක් සමග ධීවරයන් 8 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් බාරයට ගනු ලැබුවා.
     
    කන්කසන්තුරය, කෝවිලන් ප්රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 3 ක් සමග නාවික හමුදා බාරයට ගෙන ඇති ධීවරයන් සංඛ්යාව 13 දෙනෙක්. එම ධීවර යාත්රා හතර සහ එහි සිටි 21 දෙනා, ඉදිරි නෛතික කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත බාර දීමට නියමිතයි.
     
    නාවික හමුදාව මේ වසරේ මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 31 ක් සහ ධීවරයින් 195 දෙනෙකු, සිය බාරයට ගෙන තිබෙනවා.
     
    2
     
    3
     
    4
     
    7
     
    12

    Latest News