ශ්‍රී දළඳා මාළිගාවේ කඨින චීවර පූජා මහෝත්සවය පැවැත්වුණා.

ඔක් 16, 2022

    ශ්‍රී දළඳා මාළිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය ඔක්. 14,15 යන දෙදින පවත්වා අවසන් විය.

     

    මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද‍යෙන් සහ ශ්‍රී දළඳා මාළිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේගේ උපෙද්ශකත්වයෙන් යුතුව මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් මෙවර කඨින චීවර පූජා මහෝත්සවය පැවැත් විය.

    මුළුතැන් බුද්ධ පූජාව සහ කප්රුක සහිත කඨින චීවර පූජාව, සියක් නමකට අධික මහා සංඝරත්නය උදසා සිදුකළ සපිරිකර සංඝගත දක්ෂිනාවකින්ද සමන්විත වුනා. 

    වසරකට එක් වතාවක් විහාරස්ථානයකදී පැවැත්විය හැකි කඨින චීවර පූජාව බෞද්ධ ප්‍රජාව මහත් ගෞරවයකින් සිදුකරන සුවිශේෂී පිංකමකි. අටමහා කුසල්වලට ගැනෙන පිංකම් අතර වටිනාම පිංකම කඨින පූජාවයි.

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 21:09

    Latest News