වෙන්දේසිය මවිත කළ වැඩිම ලංසුව - ඩිල්ෂාන්

ජූනි 15, 2023

    ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව ඊයේ පැවැත්වුණා.

    එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක.

    ඇමරිකන් ඩොලර් 20,000 ක ලංසුව යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු මධුශංකගේ සේවය තම කණ්ඩායමට ලබා ගැනීම සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඇමරිකානු ඩොලර් 92,000 ක මුදලක් වැය කළා.

    එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලකි.

    කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 156 ක් සහ දේශීය ක්‍රීඩකයින් 204 ක් වශයෙන් ක්‍රීඩකයින් 360 දෙනෙක් ඉදිරිපත් කළ නමුත් ඉන් 115 ක් පමණක් ඒ ඒ කණ්ඩායම්වලින් තෝරා ගනු ලැබුවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානවත්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවර පැවැත්වෙනු ලබන්නේ සිව්වැනි වතාවටයි.

    කණ්ඩායම් වල හිමිකරුවන් සහ ඒ ඒ කණ්ඩායම් වල පුහුණුකරුවන් විසින් මෙම වෙන්දේසියේදී තම කණ්ඩායමට අවශ්‍ය සංයුතිය තැරැව් කරමින් හිමිකර ගත් අතර ඒ අතර දෙවැනියට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට චරිත් අසලංක පත්වුණා.

    ඇමරිකානු ඩොල්ර් 40,000 මූලික ලන්සුව යටතේ චරිත් අසලංක මෙවර ඉදිරිපත් වූ අතර එහිදී තියුණු තරගයකින් පසු ඔහුව ඇමරිකානු ඩොලර් 80,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

    ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කොන්දේසිවලට අනුව වෙන්දේසියට පෙරාතුව දේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා බැගින් කණ්ඩායම් වලට එක් කර ගැනීමට කණ්ඩායමට අවස්ථාව ලබා දී තිබුණු බැවින් කීප දෙනෙකුම ඒ ඒ කණ්ඩායම් සමඟ ගිවිසුම් ගතව තිබුණා.

    ඒ අතර විදේශීය ක්‍රීඩකයින් වන බාබර් අසාම් සහ නසීම් ෂා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත්, මැතිව් වේඩ් සහ ලුංගි න්ගිඩි දඹුල්ල අවුරා කණ්ඩායමටත්, ශකීබ් අල් හසන් සහ ටබ්‍රේස් ශම්සි ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමටත්, ඩේවිඩ් මිලර් සහ රාමනුල්ලා ගුර්බාස් ජැෆ්නා කිංග් කණ්ඩායමටත් සහ මුජිබර් රහමන් සහ ෆකර් සමාන් බිලව් කැන්ඩි කණ්ඩායමත් විසින් ලබා ගෙන තිබෙනවා.

    කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු දඹුල්ල අවුරා කණ්ඩායම සමඟත්, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත් දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ සහ තිසර පෙරේරා ජැ‌ෆ්නා කිංග්ස් කණ්ඩායමටත් සහ වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් බිලව් කැන්ඩි කණ්ඩායමටත් දේශීය ක්‍රීඩකයින් ලෙසින් එක්ව තිබෙනවා.

    තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ක්‍රීඩක වෙන්දේසිය ප්‍රකට ක්‍රිකට් විචාරකයකු වෙන ඉන්දීය ජාතික චාරු ශර්මා විසින් එම ලංසු තැබීම මෙහෙයවනු ලැබිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු සභාපති ශම්මි සිල්වා මහතා විසින් පළමු ක්‍රීඩකයා ලෙසින් ක්‍රිස් ලින්ගේ නම තෝරාදිමත් සමග ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ක්‍රීඩකයින් ලංසු තැබීම නිල වශයෙන් ආරම්භ වුණා.

    වෙන්දේසියේදී පළමුවෙන්ම තෝරා ගන්නා ලද ක්‍රීඩකයා බවට පත්වූයේ ධනංජය ද සිල්වා.

    ඇමරිකානු ඩොලර් 40,000 මූලික ලංසුව යටතේ ඉදිරිපත් රන ලද ධනංජය ද සිල්වාව දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අත්පත් කර ගන්නා ලද්දේ ඇමරිකානු ඩොලර් 76,000 ක මුදලකට.

    ඒ හැරුණු විට ඩොලර් දිනේෂ් චන්දිමාල් (72,000), දුෂ්මන්ත චමීර (70,000), බිනුර ප්‍රනාන්දු (76,000), සදීර සමරවික්‍රම (68,000) සහ කමිඳු මෙන්ඩිස් (60,000 ) ඉහළ මිළ ගණන් සහිතව අළෙවි වූ ක්‍රීඩකයෝ බවට පත්වුණා.

    මේ අතර විදේශයන්ගෙන් ඉදිරිපත් වුණු ක්‍රීඩකයින් අතරින් නවසීලන්තයේ චැඩ් බෝව්ස් වැඩිම මිලකට අලෙවි වුණු ක්‍රීඩකයා බවට පත්වූවේය. ඔහු ඇමරිකානු ඩොලර් 58,000 ක මුදලකට ගෝල් ටයිටෑන්ස් පිල විසින් මිලදී ගනු ලැබුවා.

    ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා ආරම්භ වනඅතර අවසන් මහ තරගය අගෝස්තු 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

    ජැෆ්නා කිංග්ස් –

    තිසර පෙරේරා (සෘජුවම අත්සන් කර ඇත)

    ඩේවිඩ් මිලර් (සෘජුවම අත්සන් කර ඇත)

    රාමනුල්ලා ගුර්බාස් (සෘජුවම අත්සන් කර ඇත)

    මහීෂ් තීක්ෂණ (සෘජුවම අත්සන් කර ඇත)

    චරිත් අසලංක (ඇ.ඩො. 80,000)

    දුනිත් වෙල්ලාලගේ (ඇ.ඩො. 56,000)

    ෂොයෙබ් මලික් (ඇ.ඩො. 50,000)

    පැතුම් කුමාර (ඇ.ඩො. 5000)

    විජයකාන්ත් වියස්කාන්ත් (ඇ.ඩො. 18,000)

    තීසන් විතුෂාන් (ඇ.ඩො.5000)

    අසංක මනෝජ් (ඇ.ඩො. 5000)

    නිශාන් මදුශ්ක (ඇ.ඩො. 10,000)

    අසිත ප්‍රනාන්දු (ඇ.ඩො.28,000)

    හර්ඩස් විලිජෝන් (ඇ.ඩො.30,000)

    නුවන් තුෂාර (ඇ.ඩො.30,000)

    ඩිල්ෂාන් මදුශංක (ඇ.ඩො. 92,000)

    සමන් ඛාන් (ඇ.ඩො.20,000)

    අශාන් රන්දික (ඇ.ඩො.20,000)

    රත්නරාජා තනුරදන් (ඇ.ඩො.5000)

    ක්‍රිස් ලින් (50,000)

    අසේල ගුණරත්න (ඇ.ඩො.10,000)

     

    දඹුල්ල අවුරා –

    කුසල් මෙන්ඩිස් (සෘජුව අත්සන් කර ඇත)

    මැතිව් වේඩ් (සෘජුවම අත්සන් කර ඇත)

    ලුන්ගි න්ගිඩි (සෘජුව අත්සන් කර ඇත)

    අවිශ්ක ප්‍රනාන්දු (සෘජුව අත්සන් කර ඇත)

    ධනංජය ද සිල්වා (ඇ.ඩො. 76,000)

    කුසල් පෙ‌රේරා (ඇ.ඩො. 42,000)

    හයිදර් කර් (ඇ.ඩො. 22,000)

    සදීර සමරවික්‍රම (ඇ.ඩො. 68,000)

    බිනුර ප්‍රනාන්දු (ඇ.ඩො. 76,000)

    නූර් අහමඩ් (ඇ.ඩො. 50,000)

    සචිත ජයතිලක (ඇ.ඩො. 5000)

    ජනිත් ලියනගේ (ඇ.ඩො. 10,000)

    දුශාන් හේමන්ත (ඇ.ඩො. 20,000)

    ප්‍රමෝද් මදුශාන් (ඇ.ඩො. 34,000)

    ශන්වාස් දහානි (ඇ.ඩො. 20,000)

    ලක්ෂාන් එදිරිසිංහ (ඇ.ඩො. 5000)

    ජෙහාන් ඩැියල් (ඇ.ඩො. 8000)

    වනුජ සහන් (ඇ.ඩො. 5000)

    කවිඳු පතිරත්න (ඇ.ඩො. 5000)

    රවිදු ප්‍රනාන්දු (ඇ.ඩො. 5000)

    අලෙක්ස් රොස් (ඇ.ඩො. 20,000)

    ට්‍රෙවීන් මැතිව් (ඇ.ඩො. 7500)

    මනෙල්කර් ද සිල්වා (ඇ.ඩො. 5000)

    ප්‍රවීන් ජයවික්‍රම (ඇ.ඩො. 20,000)

    බී ලව් කැන්ඩි

    වනිඳු හසරංග (සෘජුව අත්සන් කරන ලදී)

    මුජීබ් උර්‌ රෙහ්මාන් (සෘජුව අත්සන් කරන ලදී)

    ෆකාර් සමාන් (සෘජුව අත්සන් කරන ලදී)

    ඇන්ජලෝ මැතිව්ස් (සෘජුව අත්සන් කරන ලදී)

    ඉසුරු උදාන (ඇ.ඩො. 40,000)

    දිනේෂ් චන්දිමාල් (ඇ.ඩො. 72,000)

    මොහොමඩ් හස්නේන් (ඇ.ඩො. 34,000)

    දුෂ්මන්ත චමීර (ඇ.ඩො. 70,000)

    සහන් ආරච්චිගේ (ඇ.ඩො. 28,000)

    අෂේන් බණ්ඩාර (ඇ.ඩො. 40,000)

    මොහොමඩ් හාරිස් (ඇ.ඩො. 20,000)

    නවෝද් පරණවිතාන (ඇ.ඩො. 5000)

    අසිෆ් අලී (ඇ.ඩො. 30,000)

    කමිඳු මෙන්ඩිස් (ඇ.ඩො.60,000)

    නුවන් ප්‍රදීප් (ඇ.ඩො. 20,000)

    චතුරංග ද සිල්වා (ඇ.ඩො. 10,000)

    ළහිරු මදුශංක (ඇ.ඩො. 26,000)

    ආමර් ජමල් (ඇ.ඩො. 10,000)

    මල්ෂ තරුපති (ඇ.ඩො. 13,000)

    තනුක දාබරේ (ඇ.ඩො. 10,000)

    ලසිත් අබේරත්න (ඇ.ඩො. 5000)

    අවිශ්ක තරිඳු (ඇ.ඩො. 5000)

    ගෝල් ටයිටෑන්ස් –

    දසුන් ශානක (සෘජුව අත්සන් කර ලදී)

    ශකීබ් අල් හසන් (සෘජුව අත්සන් කරන ලදී)

    ටබ්‍රේස් ශම්සි (සෘජුව අත්සන් කරන ලදී)

    භානුක රාජපක්ෂ (සෘජුව අත්සන් කරන ලදී)

    සීකුගේ ප්‍රසන්න (ඇ.ඩො. 15,000)

    ළහිරු කුමාර (ඇ.ඩො. 40,000)

    ලසිත් කෲස්පුල්ලේ ඩ(ඇ.ඩො. 20,000)

    සොහාන් ඩි ලිවේරා (ඇ.ඩො. 5000)

    අශාන් ප්‍රියන්ජන් (ඇ.ඩො. 20,000)

    බෙන් කටින් (ඇ.ඩො. 30,000)

    මොහොමඩ් මිතුන් (ඇ.ඩො. 20,000)

    මිනෝද් භානුක (ඇ.ඩො. 20,000)

    පසිදු සූරියබණ්ඩාර (ඇ.ඩො. 5000)

    ශෙවෝන් ඩැනියල් (ඇ.ඩො. 22,000)

    මොහොමඩ් ශිරාස් (ඇ.ඩො. 5000)

    ළහිරු සමරකෝන් (ඇ.ඩො. 40,000)

    කසුන් රජිත (ඇ.ඩො. 40,000)

    අකිල ධනංජය (ඇ.ඩො. 11,000)

    චාඩ් බෝව්ස් (ඇ.ඩො. 58,000)

    ටිම් සීෆර්ට් (ඇ.ඩො. 30,000)

    සොනාල් දිනූෂ (ඇ.ඩො. 5000)

    අවිශ්ක පෙරේරා (ඇ.ඩො. 6000)

    අනුක් ප්‍රනාන්දු (ඇ.ඩො. 5000)

    විශ්ව ප්‍රනාන්දු (ඇ.ඩො. 10,000)

    කලම්බු ස්ට්‍රයිකර්ස් –

    චාමික කරුණාරත්න (සෘජුවම අත්සන් කර ඇත)

    බාබර් අසාම් (සෘජුවම අත්සන් කර ඇත)

    නසීම් ෂා (සෘජුවම අත්සන් කර ඇත)

    මතීෂ පතිරණ (සෘජුවම අත්සන් කර ඇත)

    පැතුම් නිස්සංක (ඇ.ඩො. 40,000)

    නිරෝෂන් දික්වැල්ල (ඇ.ඩො. 44,000)

    වහාබ් රියාස් (ඇ.ඩො.40,000)

    ලක්ෂාන් සඳකැන් (ඇ.ඩො. 30,000)

    නිපුන් ධනංජය (ඇ.ඩො. 5000)

    මොවින් සුබසිංහ (ඇ.ඩො.10,000)

    ළහිරු උදාර (ඇ.ඩො. 10,000)

    ඒෂාන් මාලිංග (ඇ.ඩො. 5000)

    ශෂික දුල්ශාන් (ඇ.ඩො. 6500)

    නුවනිඳු ප්‍රනාන්දු (ඇ.ඩො. 20,000)

    ඉෆ්තිකාර් අහමඩ් (ඇ.ඩො. 50,000)

    ලෝකන් ටකර් (ඇ.ඩො. 10,000)

    ජෙෆරි වැන්ඩර්සි (ඇ.ඩො. 20,000)

    ඇන්ජලෝ පෙරේරා 20,000)

    ධනංජය ලක්ෂාන් (ඇ.ඩො. 20,000)

    කවිශ්ක අංජුල (ඇ.ඩො. 5000)

    රමේෂ් මෙන්ඩිස් 26,000)

    මොහොමඩ් නවාස් (ඇ.ඩො. 30,000)

    අහන් වික්‍රමසිංහ (ඇ.ඩො. 5000)

    යශෝධ ලංකා (ඇ.ඩො.5000)

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ජූනි 2023 09:44

    Latest News