රොකට් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය කුසගින්න

මැයි 06, 2024
    හමාස් සංවිධානය, ගාසා තීරයේ සිට රොකට් ප්රහාර එල්ල කිරීම නිසා, ඊශ්රායලය කෙරම් ෂාලෝම් නමැති මාර්ගය වසා දමා තිබෙනවා.

    එම මාර්ගය ගාසා තීරයට ආහාර හා වෛද්ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ලබා ගැනීමට ඇති මාර්ග කිහිපයෙන් එකක්.

    ඊශ්රායලය පැවසුවේ හමාස් රොකට් ප්රහාරවලින් තම සොල්දාදුවන් තිදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකුට තුවාල ලැබූ බවයි.
     
    මේ අතර, ඊජිප්තුවේ මැදිහත්කරුවන් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට සහ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමට දින දෙකක් සාකච්ඡා පවත්වා තිබෙනවා.
     
    එහෙත් , කිසිදු එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. එහි නියෝජිතයින් කයිරෝ සිට කටාර් රාජ්යය වෙත ගොස් තම නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව හමාස් සංවිධානය කියා සිටිනවා.
     
    අමෙරිකානු මධ්යම බුද්ධි අංශයේ ප්රධානී විලියම් බර්න්ස් ද සාච්ඡා සඳහා මැදිහත්වී සිටිනවා. ඔහු දෝහා හි සාකච්ඡා සඳහා ඊජිප්තු අගනුවරෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
     
    සටන් විරාම යෝජනාවට ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ඊශ්රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළත් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
    සටන් විරාමය දින 40ක් ක්රියාත්මක කිරීමද එහිදී අපේක්ෂා කෙරෙනවා.

    Latest News