සාමය ඉවරයි යුද්ධය අරඹයි

මැයි 07, 2024
    ඊශ්රායලය ගාසා තීරයේ රෆා ප්රදේශය වෙත ප්රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ සටන් විරාම ගිවිසුමකට හමාස් සංවිධානය පල කළ එකඟතාව ප්රතික්ෂේප කරමින්.

    "රෆා" ප්රදේශයෙන් වහාම ඉවත්ව යන ලෙස ඊශ්රායලය එම ප්රදේශයේ වැසියන්ට දැනුම්දී තිබුණා.

    ඊට අදාළ දැනුවත් කිරීමේ පත්රිකා රැසක් එම ප්රදේශයට ගුවනින් හෙළා තිබූ බවයි, විදෙස් මාධ්ය පවසන්නේ.
     
    නැගෙනහිර රෆා ප්රදේශයේ හමාස් ක්රියාකාරින්ට එරෙහිව “ඉලක්කගත ප්රහාර” එල්ල කළ බව, ඊශ්රායල හමුදාව අද ප්රකාශ කළා.
     
    ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් ඊට ප්රතිචාර වශයෙන් දකුණු ඊශ්රායලයට රොකට් ප්රහාර එල්ල කල බවයි, විදෙස් මාධ්ය පවසන්නේ.
     
    ඊජිප්තු මැදිහත්කරුවන් විසින් සකස් කරන ලද සටන් විරාම ගිවිසුමක් පිළිගන්නා බව, හමාස් සංවිධානය මීට පෙර ප්රකාශ කර තිබුණා.
     
    එහෙත්, ඊශ්රායලය විසින් එය ප්රතික්ෂේප කරනු ලැබුවේ එහි "මූලික ඉල්ලීම්" සපුරාලීමට වඩා හමාස් සංවිධානය එකඟ වී ඇත්තේ කුමක් දැයි නිශ්චිතවම පැහැදිලි නැති බව පවසමින්.
     
    ඊශ්රායලයේ යුද කැබිනට් මණ්ඩලය මෙහෙයුම් දිගටම කරගෙන යාමට ඡන්දය ලබා දුන්නද, ඊජිප්තුවේ "කයිරෝ නුවර" පැවැත්වෙන වක්ර සාකච්ඡා සඳහා නියෝජිත පිරිසක්ද සහභාගී කරවා තිබෙනවා.
     
    ගාසා තීර‌යේ "රෆා" ප්රදේශයේ මේ වන විට ලක්ෂ 10 කට අධික පිරිසක් ජීවත් වනවා.
     
    ඔවුන් මේ වන විටත් නිසි ආහාර, ඖෂධ හෝ අනෙකුත් අත්යාවශ්ය ද්රව්ය නොමැතිව ඉතා අසරණ වී ඇති බවයි, විදෙස් මාධ්ය පවසන්නේ.
     
    "රෆා" මෙහෙයුමට ජාත්යන්තරයෙන් දැඩි විරෝධයක් මේ වන විටත් එල්ල වී ඇති අතර ඊශ්රායලය එම විරෝධතා නොතකා මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

    Latest News