"හැරී පොටර් කාසල්" සුන්බුන් වෙයි

මැයි 01, 2024
    කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසනවා.

    මෙම ප්‍රහාරයෙන් "හැරී පොටර් කාසල්" නමින් හඳුන්වන අධ්‍යාපන ආයතනයක්ද ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළා.

    රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බව යුක්‍රේනය පැවසුවා.
    ප්‍රහාරයෙන් තුවාල ලැබූ 30 දෙනා අතර ළමුන් දෙදෙනෙකු සහ ගැබිණි කාන්තාවක් ද වන බව සඳහන් වනවා.
    ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි 20 කට ආසන්න ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

    Latest News