අවසන් මහා සටන අද

මැයි 07, 2024
    20-20 ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

    ඒ, ශ්රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර. මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

    අවසන් මහා තරගය අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි. ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 9.00 ට තරගය ආරම්භ වනවා.
     
    සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේදී “ඒ” කාණ්ඩයෙන් තරග කළ ශ්රී ලංකාව, සියලු තරග ජය ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
     
    ශ්රී ලංකාව, අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්යය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
     
    අවසන් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රතිවාදීන් වන ස්කොට්ලන්තය, අවසන් පූර්ව තරගය ජය ගත්තේ, අයර්ලන්තය පරාජය කරමින්.
     
    මෙතෙක් ඉතිහාසයේ ශ්රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර 20-20 තරග දෙකක් පවත්වා තිබෙනවා. ශ්රී ලංකාව එම තරග දෙකම ජය ගැනීමට සමත් වුණා.
     
    සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ලබා ගන්නා කණ්ඩායමට හිමිවන කුසලානය එළිදැක් වුණේ, චමරි අතපත්තු සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායිකා ලව්රා ඩෙලනිගේ සහභාගීත්වයෙන්.

    Latest News