ආයුධ ප්‍රමාදයේ වාසිය රුසියාවට?

අප්‍රේ 30, 2024
    ඉදිරිපෙළ යුද පෙරමුණට ආයුධ ලබා දීම කඩිනම් කරන ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්සිකි බටහිර රටවලින් ඉල්ලා සිටිනවා.

    ඔහු පවසන්නේ, ආයුධ ලැබීම ප්රමාද වීමේ වාසිය රුසියාව ලබා ගන්නා බවයි.

    ඔහු මෙම ප්රකාශය සිදු කරන්නේ අමෙරිකාව, යුක්රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 61 ක මිලිටරි ආධාර පැකේජයක් සඳහා එකඟ වීමෙන් පසුවයි.
     
    සෙලෙන්ස්කි කියා සිටින්නේ, ඇතැම් ආධාර ලැබෙමින් පවතින මුත්, ඒවා වේගයෙන් ලබා දිය යුතු බවයි.
     
    යුක්රේන ජනාධිපතිවරයා නේටෝ ප්රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමඟ සාකච්ඡා කරමින් පවසා ඇත්තේ, යුක්රේනය ජය ගැනීමට ප්රමාද නැති බවයි.
     
    මේ අතර, නැගෙනහිර යුක්රේනයේ ගම්මාන දෙකක් තම පාලනයට ගත් බව, රුසියාව පවසනවා.

    Latest News