සා.පෙළ විභාගය අදින් ඇරඹේ

මැයි 06, 2024
    2023 වසරට අදාළ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය අද ආරම්භ වනවා.

    ඒ සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නව දෙනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයින පුරා විභාග මධ්යස්ථාන 3,527ක් ස්ථාපිතයි.

    විශේෂ විභාග මධ්යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබෙනවා.
     
    සියලුම අයදුම්කරුවන් විභාග පැවැත්වීමට නියමිත වේලාවට පෙර සිය විභාග මධ්යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

    Latest News