ලොව උත්කර්ෂවත්ම ලීගය අහිමි වූ ඩිල්ෂාන්

මාර් 21, 2024
    බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

    ඒ අනුව ඔහු වෙනුවට 2024 IPL තරගාවලිය සදහා දකුණු අප්රිකානු යොවුන් වේග පන්දු යවන්නෙකු වන Kwena Maphaka මුම්බායි සංචිතයට ආදේශ කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    ඩිල්ෂාන් මදුෂංක මෙවර IPL තරගාවලිය සඳහා වන ක්රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
    එය ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ වටිනාකමක්.

    Latest News