දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 198 ක ජයක්

ජූනි 16, 2023

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළා.

     ඒ, අමෙරිකාව , ලකුණු 198 කින් පරාජය කරමින්.

    තරගය පැවැත්වුණේ, සිම්බාබ්වේ බුලවා‍‍යෝ හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 392 ක් රැස් කළා. දිමුත් කරුණාරත්න, ලකුණු 111 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 105 යි. චරිත් අසලංක නොදැවී ලකුණු 62 ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 61 ක් රැස් කළා. පිළිතුරු ලෙස අමෙරිකාවට පන්දුවාර 33 යි පන්දු 2 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 194 ක් පමණයි. මොනාපටෙල් ලකුණු 62 යි. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගත්තා. වනිඳු හසරංග සහ කසුන් රජිත අතර, කඩුලු 2 බැගින් බෙදී ගියා. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය, ලබන 18 වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ලබන 19 වැනිදා පළමු තරගයට සහභාගී වන්නේ,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරහිවයි.

    Latest News