බාස්මතී සිහිනය බතලගොඩදී ජය ගනී

මැයි 08, 2024
    බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කරුනු ලැබුවා.

    නමුත් බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්රභේදයක් නිපදවීමට නොහැකි විය.

    නමුත් මේ වනවිට බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා.
     
    සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇතැයි ද , තවත් මාස කිහිපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය පවසනවා.
     
    මේ වනවිට At 306, At 309 යන වී ප්රභේද දෙක බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්රභේද දෙකක් ලෙස හඳුන්වා දී ඇති අතර එම වී වර්ග ද ජනප්රිය ව පවතිනවා.
     
    මේ වනවිට මෙරට සමස්ත සහල් අවශ්යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන අතර සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා අවශ්ය වන බාස්මතී ඉන්දියාව හා පකිස්ථානයෙන් ආනයනය කරනු ලබනවා.
     
    ඒ සඳහා වැය වන විදේශ විනිමය මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් බාස්මතී සහල් මෙරට දීම නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට පියවර ගන්නා ලෙස ද අමාත්යවරයා කෘෂිකර්ම බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

    Latest News