පකිස්ථානයට පෙරළිකාර ජයක්

නොවැ 03, 2022

    ශඩාබ් ඛාන්ගේ තුන් ඉරියව් දස්කම් සමග දකුණු අප්‍රිකාව පරදා සුපිරි ජයක් ලැබීමට පකිස්ථානය සමත් වුනා.

    සිඩ්නි ක්‍රීඩාංගනයේ මුලින් පන්දුවට පහර දුන් පකිස්ථානය ලකුණු 95කට කඩුලු 5ක් දැවී තිබියදී 6 වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ශඩාබ් හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමග වේගවත් ලකුණු 52 රැස් කලේ පන්දු 22ක් තුළයි. ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 51යි. පකිස්ථානය කඩුලු 9ක් දැවී ලකුණු 185යි.

    වර්ෂාවෙන්  බාධා එල්ල වීම නිසා ද.අප්‍රිකාවට පන්දු වාර 14කදී ලකුණු 142 ක ඉලක්කයක් හිමි වූවා. නමුත් පන්දුවාර 14 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුනට ලබා ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි. ඒ අනුව පකිස්ථානය ලකුණු 33ක ජයක් ලැබුවා. පන්දු යැවීමේදී නැවතත් ක්‍රියාත්මක වූ ශඩාබ් ලකුණූ 16 කට කඩුලු 2ක් දවා ගත්තා.

     

    Latest News