කාම්බෝජ රජමාලිගයේ දී ජනපතිට උණුසුම් පිළිගැනීමක්

අගෝ 08, 2019

    ආර්ථික, වෙළෙඳ සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලූ කටයුතුවල දී කාම්බෝජය, ශී‍්‍ර ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප‍්‍රකාශ කළේය.

    කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ රජු අතර හමුවක් අද (08) පෙරවරුවේ සිදුවිය. අද පෙරවරුවේ කාම්බෝජ රජමාලිගාව වෙත ගිය ජනාධිපතිතුමා කාම්බෝජ රජු විසින් ඉතා උණුසුම් සහ සුහදශිලී ලෙස පිළිගනු ලැබීය.

    ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් අභිමානවත් සහ අලංකාරවත් උත්සවයක් ද එහි සංවිධානය කර තිබිණි.ඈත අතීතයට විහිද යන දෙරටේ සබඳතාවයන් මෙහි දී සිහිපත් කළ කාම්බෝජ රජු තම ආරාධනය පරිදි කම්බෝජ රාජ්‍ය සංචාරයකට එක්වීම පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ අද වන විට ශී‍්‍ර ලංකාව ආර්ථික සහ වෙළෙඳ වශයෙන් මෙන්ම සාමාජයීය සහ ආගමික වශයෙන් ලබමින් සිටින දියුණුව ඇගැයීමට ලක් කළ කාම්බෝජ රජු විශේෂයෙන්ම කාම්බෝජ භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේත් ශී‍්‍ර ලංකා රජය කාම්බෝජයට ලබා දෙන සහාය පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.

    දෙරට අතර අධ්‍යාපන,සංචාරක කර්මාන්ත ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ පවතින සබඳතා දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් නව ප‍්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබ`දව මෙහිදී නායකයෝ දිර්ඝ වශයෙන් සාකච්ජා කළහ.

    ශී‍්‍ර ලංකාව සහ කාම්බෝජය අතර අතීතයේ පටන් පවතින මිත‍්‍රත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කාම්බෝජ රාජ්‍ය සංචාරයකට ආරාධනා කිරීම පිළිබඳව කාම්බෝජ රජු වෙත ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් ශී‍්‍ර ලංකාව මේ වන විට සුවිශේෂ වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවත් එවන් අවස්ථාවක මෙම සංචාරයට එක්වීමට ලැබීම පිළිබ`ද තමා මහත් සතුටට පත් වන බවත් කියා සිටියේය.

    මේ අතර, කාම්බෝජයේ අගනුවර වන Phnom Penhහි පිහිටා ඇති කාම්බෝජයේ නිදහස් ස්මාරකය වෙත පූෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා අද පෙරවරුවේ එක්විය. කාම්බෝජයේ පියා ලෙස සැලකෙන වත්මන් රජුගේ පියාණන් වන Norodom Sihanouk රජු සිහි කරමින් එහි ඉදිකර ඇති ස්මාරකය අභියස මල්කළඹක් තැන්පත් කර ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 12:29

    Latest News