DIG නාලකට ඇප....... පරික්ෂණවලට බලපෑම් කළ නොහැකි බවට සහතියක්

මැයි 21, 2019

    ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් අධිකාරීවරයකු ඝාතන කිරීමේ කුමන්ත්‍රණ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 21 නියෝග කළේය.

    සැකකාර නාලක සිල්වාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර නොමැති වීමත් ඇප ලබා දියහැකි වරදවල් යටතේ චෝදනා කර ඇති බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.

    ඔහුගේ විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම නිවේදනයේ පිටපත් ආගමන විගමන පාලකවරයා වෙත යවන ලෙස නියෝග කෙරිණ.

    චෝදනාවට අදාළ සාක්ෂි කරුවන්ට හෝ පැමිණිලිකරුට කිසිදු බලපෑමක් නොකළ යුතු බවත් විමර්ශනවලට බාධා කිරීමක් නොකළ යුතු බවට නාලක සිල්වාට මහේස්ත්‍රාත්වරයා විසින් අවවාද කළේය. සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩ තහනම් කර ඇති බවත් එහි සේවය කිරීමේ හැකියාවක් නැති බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය. විමර්ශනවලට බලපෑම් සිදු කිරීමට ඔහුට හැකියාවක් නැතැයි නිගමනය මත සැකකරුට ඇප ලබාදීමට තීරණය කළ බව මහේස්ත්‍රාත් විසින් සඳහන් කරමින් ඇප මත නිදහස් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ජුනි 26 වනදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    Latest News