අගමැතිගේ වෙසක් පණිවිඩය

මැයි 05, 2023

    ‍වෙසක් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පණිවුඩයක් නිකුත් කළා.

    ඔහු සඳහන් කරන්නේ, බුදුදහමින් පෙන්වා දී ඇති නිසි කළමනාකරණය අප අද මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට අප අපටම දායක විය හැකි බවයි. දැහැමින් උපයා සපයා ගත් ධනය, සිව් කොටසකට බෙදා එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනයටත්, කොටස් දෙකක් අනාගත ‍දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත්, සිව් වැනි කොටස විපතක් පැමිණි විට ප්‍රයෝජනයට ගැනීමටත් තැන්පත් කළ යුතු බව, බුදු වදනයි. "උතුම් බුද්ධ දර්ශනයේ මඟ පසක් කරමින්, සැබෑ නිරාමිස සතුට ළඟා කෙරෙන සිව්බඹ විහරණ පෙරදැරි කර ගත් සමාජයක් තුළ සියුල දෙනා කටයුතු කරමුයි" අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් අවධාරණය කරනවා.

    Latest News