අර්ජුන පහරදුන් බව CCTVවල නෑ;පොලීසිය

පෙබ 01, 2019

    ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට ඇතුළු වී එහි පිරිසකට පහර දුන්නේ යැයි සිද්ධියට සැකකෙරෙන, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා අධිකරණය දැනුවත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

    පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැදවනු ලැබීය.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා තමන්ට පහර දුන් බව පැමිණිලිකරු ප්‍රකාශ කලත්, සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේ දී එවැනි පහරදීමක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවන බවයි.

    කෙසේ වෙතත් සැකකාර අර්ජුන රණතුංග අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබෙන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    අනතුරුව පැමිණිල්ල මාර්තු මස (01) වැනිදා කැඳවීමට නියම කළේය.

    ඒ අනූව, අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව, නීතිපතිවරයාගෙන් විමසා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

     

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 16:48

    Latest News