අලි යන අලුත් මග

මාර් 01, 2024
    අලි මංකඩ පිහිටි ස්ථාන හඳුනාගෙන දුම්රිය මාර්ගයට පහතින් පළමු උමං මාර්ගය ඉදිකිරීම අද ආරම්භ කෙරුණා.

    උතුරු දුම්රිය මාර්ගය හරහා මෙය ඉදි කෙරෙන්නේ, ගල්ගමුව, ගැටදිවුල ප්රදේශයේ.

    ප්රවාහන අමාත්යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය සහ ඉර්කෝන් සමාගම එක්වයි, මෙම උමං මාර්ගය ඉදිකිරීම සිදු කෙරෙන්නේ.
     
    දුම්රියේ ගැටීමෙන් පසුගිය වසර කිහිපය තුළ වන අලි 200ක් පමණ මියගොස් තිබෙනවා. ඊට පිළියමක් ලෙසයි, මෙය ක්රියාත්මක වන්නේ.

    Latest News