වනිඳු විශිෂ්ටතමයා වෙයිද ?

ජූලි 06, 2023

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ප්‍රකාශයට පත් කළ ජුනි මාසයේ ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා වන නිර්දේශ නාම අතරට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඇතුළත්ව තිබෙනවා.

    නම් කර ඇති එහි සෙසු ක්‍රීඩකයින් වන්නේ, ඔස්ට්‍රේලියාවේ ‍ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසායි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ මේ බව නිල වශයෙන් දැනුම් දුන්නා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේදී වනිඳු හසරංග දැක් වූ විශිෂ්ට දක්ෂතා ඔහු සම්මානය සඳහා නිර්දේශ වීමට හේතුවයි. ඔහු මේ වන විට තරගාවලියේදී කඩුලු 20 ක් දවා ගනිමින් එහි වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණේ පසු වනවා.

    Latest News