ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා අද (15) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. ඒ අනූව කොළඹ කොටුව දක්වා දුම්රිය 10ක් පමණක් ධාවනය සිදුවෙයි.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද දින සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය 17 ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න සදහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ලබන 21 වැනිදා උදෑසන 4.00 සිට 23 වැනිදා රාත්‍රී 10.00 දක්වා දුම්රිය 17ක් පළාත් තුල ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සියලු දුම්රිය, අද සිට සාමානය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව දුම්රයි ගමන් කිහිපයක් ධාවනය නතර කර තිබිණ.

පිටකොටුව ප‍්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමත් සමග පොදු ප‍්‍රවාහන සේවා අද සිට වැඩි වශයෙන් සිදු කිරීමට නියමිතයි.

රජයේ නිවාඩු දිනයන් වන ලබන 14 හා 15 යන දෙදින තුල සියලු මගී දුම්රියන් ධාවනය අවලංගු කිරීමට කටයුතු යොදා තිබේ.

Latest News