යුරියා ඇතුළු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් විසින් කරන ප්රකාශ සමහර මාධ්ය ඔස්සේ විකාශය වුවත් කිසිදු පොහොර හිඟයක් රට තුළ නැතැයි කෘෂිකර්ම හා වැවිලි අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ලබන වසරේ සිට බිත්තර සහ කුකුල් මස් මිල පහළ යා හැකි අතර, යළි මිල ඉහළයාමක් සිදු නොවනු ඇතැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

‍එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කර තිබෙනවා. ඒ, ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ  තීරණයකට අනුවයි. ‍

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණ කටයුතු නැංවීම සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ජයිකා ආයතනයේ මූල්‍ය පහසුකම් යටතේ ‍ගොවීන්ට බඩඉරිඟු වගාකීමට අවශ්‍ය බීජ ලබාදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයේදී අදි සිදු කෙරුණා.

රසායනික පොහොර මෙන්ම, ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියලුම භෝග වගාවන් සඳහා ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමට දිවයින පුරා ඉන්ධනහල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විදේශීය සතුන් අතරින් මේ වනවිට ගහණය ඉහළ ගොස් ඇති සතුන් පින්නවල නව සත්වෝද්‍යානය තුළට යොමු කිරීමේ වැඩ පිළිවෙළක් ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග උපයෝගී කර ගනිමින් වෙළඳපොළ තුළ ඇති සහල් හිඟ තත්ත්වය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සහල් ප්‍රමාණය මාසිකව මෙ.ටො.10,000 බැගින් නිකුත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) එම සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

Latest News