දඹුල්ලේ හමාගිය සුළඟින් නිවාස 28කට හානි

අගෝ 08, 2019

    දඹුල්ල ප්‍රදේශයේ දැඩි සුළඟ හේතුවෙන් නිවාස 28 කට හානි සිදුවී තිබේ. පාසල් සිසුවියක් ද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරිණ.

    විදුලි හා දුරකථන රැහැන් මතට ගස් කඩා වැටිම හේතුවෙන් විදුලිය ඇණ හිට තිබේ. නිවැසියන් සඳහන් කළේ විනාඩි කිහිපයක් ඇතුලත ප්‍රදේශයේ නිවාසවල වහලවල් සෙවිලි ගලවා ගෙන ගොස් බිඳී සුනු විසුනු වූ බවයි.

    කලෝගහඇල ප්‍රදේශයේ නිවසක ඇඳක් මත පාඩම් කරමින් සිටි මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවියකගේ සිරුර මත නිවසේ සිට් කැබලි වැටීම හේතුවෙන් ඇය තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. ආපදාවන්ට පත්ව ඇති අයට කඩිනමින් ආපදා සහන සලසා දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන බව ඔහු ද වැඩිදුරටත් සඳහන් කළේය.

    House 900px 19 08 08

    sulaga 03

    sulaga 09

    sulaga 06

    sulaga 04

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 11:31

    Latest News