ක්‍රීඩා නිලවරණ මාස 03ක් තුළ පවත්වා අවසන් කිරීමට යෝජනා කළා; අමාත්‍ය හරීන්

මැයි 21, 2019

    ක්‍රීඩා සංගම්වල නිලවරණ මාස තුනක් තුළ පවත්වා අවසන් කිරීමට යෝජනා කර තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රීඩා නිලවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න අවස්ථාවේ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ක්‍රීඩා සංගම් 34ක් සඳහා නිලවරණ පැවැත්වීමට තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අතුරු කමිටුවක් ද පත් කර තිබෙන බව පැවසීය. මේ සම්බන්ධයෙන් විකල්පයක් සකස් කර තිබෙන බවත්, ක්‍රීඩා සංගම් 34 ක් සඳහා මාස තුනක් තුළ නිලවරණ පැවැත්වීමට යෝජනා කර තිබෙන බවත්, ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ සඳහා ඉදිරිපත් නොවන සංගම් සඳහා ඡන්දය ලබාදීමේ අයිතිය ලබා නොදෙන බවත්, අමාත්‍යවරයා පැවසී ය.

    Latest News