අද සවසට කොළඹ කරාම හිස්

අප්‍රේ 27, 2024
    අද (27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

    ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත යන ප්රදේශවලට ද අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි සඳහන් වන්නේ.

    අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්යාපෘතිය මගින් සිදු කරන අත්යවශ්ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News