ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදයි

පෙබ 13, 2024

    ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි 13 දිනට යෙදී තිබෙන අතර මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි.

    විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ උත්සාහයන් වල ප්‍රථිපල ප්‍රයෝජනයට ගනිමින් 1894 දී කිලෝ මීටර් 2.4 ක් දුරට රේඩියෝ පණිව්ඩ නිකුත් කළ ගුග්ලි එල්මෝ මාර්කෝනි 1895 දී ප්‍රථම ගුවන් විදුලි සේවාව ආරම්භ කළ අතර එය සංගීතය විකාශනය කළ ලොව ප්‍රථම ගුවන් විදුලියයි. 1896 දී එයට පේටන්ට් බලපත්‍රයද හිමි වූ නමුත් එය කෙටි කාලීන මාර්කෝනිගේ නිල නොවන සේවාවක් වූවා.

    මාර්කෝනි, රැහැන් රහිත ගුවන් විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයද හිමිකරගනිමින් ගුවන්විදුලියේ නිර්මාතෘවරයා ලෙස ඉතිහාසයට එක් වනවා.

    1922 අගෝස්තු 18 ඇරඹි බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සමාගම (British Broadcasting Company - BBC ) ප්‍රථම වරට අනුග්‍රාහක ආයතන වල වැඩ සටහන් ප්‍රචාරය කරවීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.

    කෙසේ වෙතත් නිල වශයෙන් මෙන්ම වානිජ පදනමකින් ආරම්භ කළ ලොව මුල්ම ගුවන් විදුලිය ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ 1920 වසරේ ඇරඹි ඇ.එ ජනපදයේ KDKA ආයතනයයි.

    අප රටේ ගුවන් විදුලි සේවයේ නිල ආරම්භය 1925 දෙසැම්බර් 16 දින සිදු වූ අතර. එම ගුවන් විදුලි සේවාව එඩ්වඩ් හාපර් මහතා විසින් ආරම්භ කළ ‘ කොළඹ රේඩියෝව’( Colombo Radio) යි. එය දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ලෙසද ලොව පැරණිම ගුවන්විදුලි සේවා අතර දෙවැන්නද වනවා.

    වර්ථමානය වන විට ලොව පුරා ගුවන් විදුලි නාලිකා දහස් ගණනක් විවිධ සංඛ්‍යාතයන් ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේද විකාශය වනවා.

    Latest News