බඩල්කුඹුරේ සළිත කළ තිදරු පියාගේ අභිරහස් ඝාතනය

ජූලි 15, 2023

    මොණරාගල, බඩල්කුඹුර ප්‍රදේශයට අයත් එකොළහ කණුව ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පළතුරු වෙලදසැලක් අසළ තිබී පිරිමි මළ සිරුරක් ඊයේ (14) පස්වරුවේ දී සොයා ගැනුණා.

    මියගිය පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාල තිබූ අතර බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

    මියගොස් ඇත්තේ එම පළතුරු වෙළෙදසැලේ හිමිකරු වන පදිංචි වයස අවුරුදු 45ක් වූ තිදරු පියෙක්. මීට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවයි, පොලීසිය සැකපළ කරන්නේ.

    ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කෙරේ.

    Latest News