අබුඩාබි ටීටෙන් ක්රිකට් තරගාවලියේ පළමු දිනයේදීම කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට ශ්රී ලංකා තුන්ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
ඔස්ට්රේලියානු කාන්තා බිග් බෑෂ් 20-20 ක්රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ශ්රී ලංකා ක්රීඩිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙවර තරගාවලියේදී චමරි නියෝජනය කරන්නේ, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමයි.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

චමරි බේ

නොවැ 26, 2023

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරඟාවලියේ Sydney Thunder කණ්ඩායමට ක්‍රීඩා කරන චමරිගේ දස්කම් වෙනුවෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතින් චමරිට අපූරු තෑග්ගක් ලබා දුන්නා.

වමත් දඟපන්දු යවන්නෙකු සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.

ලබන වසරේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක්වය දකුණු
අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ක්රිඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා තම ආයතනය සම්බන්ධයෙන් සිදු කර ඇති චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

ක්රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙකු අද ඉවත් වුණා.
බාබර් අසාම් පකිස්ථාන ක්රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පකිස්ථාන ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයට ෂාන් මසූඩ් නම් කර තිබෙනවා.
ලෝක කුසලාන එක් දින ක්රිගකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, නවසීලන්තය සහ ඉන්දියාව අතරයි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු හා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තණතීරු වල ක්‍රීඩා කර ජාත්‍යන්තර තණතීරුවලට මාරු වී ජයග්‍රහණ ලබා ගැනීම දුෂ්කර බවත් ඊට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරග සහ අනෙකුත් තරග ක්‍රීඩා කරන බොහෝ තණතීරු හොඳ තත්වයක නොතිබීම බවයි.

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන අවසන් තරගය නවසීලන්තය සමග අද (09) පැවැත්වෙනවා.
"දූෂිත ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනූව විවාදය අද (09) පැවැත්වෙනවා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්රේලියාව ඊයේ සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ බෙංකඩේහිදී.
වගා හානි සිදු වූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000 ක ඩීසල් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව, අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඒ, බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 3 කින් පරාජය වීමත් සමගයි.
ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගීවන 8 වැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

Latest News