අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 371 නවදාගම ග්‍රාමසේවා වසමට අයත් මහාහැලඹව ගම්මානේ පවුල් 25 ක පමණ ප්‍රමාණයක් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

පොල්කඩන රැකියාව කරමින් දරු පවුලක් ජීවත්කර වූ පියෙකු පොල්ගසකින් ඇද වැටී සුසුම්නාව බිඳී සිරුරේ තුවාල දැමීම හේතුවෙන් ජීවිතයත් මණයත් අතර සටනක යෙදී සිටින අතර ඔහුගේ හය මස් ගැබිණි බිරිද ජීවත්වීම සදහා ජනතා සහය ඉල්ලා සිටියි.

 නව සුපිරි අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ් විසින් ලබාගත් සුප්‍රසිද්ධ "පිලර්ස් ඔෆ් ක්‍රියේෂන්" හි දෙවන රූපය එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය "නාසා" විසින් නිකුත් කර ඇත.

 

බ්‍රිතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයා රිෂී සුනාක් වේ.

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ  “සිරි දළදා යල් අස්වනු පූජාව” ඊයේ ( 28) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය.

විවිධාකාර වෙනස්කම් තියෙන මිනිස්සු අපි අතරේ ඉන්නවා. ඉන් සුන්දර මිනිසුන් පිරිසක් තමයි, පුංචි මිනිස්සු කියල කියන්නේ.

කෙනෙකුට ලෝකය දකින්න දෙනෙත් වගේම ඒ දකින ලෝකය දිනන්න දෙසවන් අත්‍යවශ්‍යයි. මේ පුවත ඒ දකින ලෝකය දිනන්න ඔබේ සහය පතන දියණියක් පිළිබඳවයි.

මල් වට්ටියක් රුපියල් ලක්ෂ 11 කට අලෙවි වූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ලොව ප්‍රකට "ෆයිසර් සමාගම" ඔස්ට්‍රේලියාවේ "ක්වින්ස්ලන්ඩ්" ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්ය උදන්ත අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක්, නිර්මාණය කළ කොරෝනා ආසාදනය වීම හඳුනා ගැනීමේ මෘදුකාංගය, මිලදී ගෙන තිබේ.

යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පෝච්චි තුළ මොරීෂස් වර්ගයේ අන්නාසි වගාවක් සාර්ථකව සිදු කර තිබේ.

කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙක්.

පුස්තකාලය විවෘත කෙරුණේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය ලියු ෂියුසෙන් (Liu Shusen) සහ එහි සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙනි. 

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලැබූ බෙංගාල ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනෙක් ඊයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණ. සත්වෝද්‍යානයේ බලධාරීන් පවසන්නේ, එම පැටවුන්ට නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ද හිමි වන බවයි.

සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි බැටරියක් මගින් ධාවන කළ හැකි ත්‍රීරෝද රථයක් නිර්මාණය කිරීමට මෙරට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

සෑම වසරකම වසන්ත සමය උදාවත්ම සංචාරකයන් වගේම පක්ෂීන් ද රටකින් රටකට සංචාරය කිරීමට පුරුදුව සිටියි. පක්ෂීන්ගේ එම සංක්‍රමනය හඳුන්වන්නේ, පර්යටනය ලෙසයි.

දින කිහිපයකට පෙර යාල ජාතික වනෝද්‍යානයට පැමිණි "සැන්ඩෝ" නම් ඇතා නැරඹීමට විශාල සංචාරයකයන් පිරිසක් ඇදී එති.

රිදියගම සෆාරි උද්‍යානයේ ‘ඩෝරා’ නම් මාස හතර හමාරක් වයසැති සිංහ පැටවා අද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. ඇයව උදේ 9.00 සිට 10.30 දක්වා සහ සවස 3.30 සිට පස්වරු 5.00 දක්වා දැක ගත හැකියි.

පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු වරට මා ඔයේ දිය නෑමට ගිය බව සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

මේ වර්ෂය අවසන් වෙලා අලුත් අවුරුද්ද ලබන්න තව දවස් තුනයි තියෙන්නේ, ලබන 2022 වර්ෂය වෙන වර්ෂ වලට වඩා මිනිසුන් සතුටු කරන වර්ෂයක් වෙනවා.ඒ දීර්ඝ නිවාඩු ලැබීම හේතුවෙන්.බොහෝ දෙනෙක් දීර්ඝ නිවාඩු බලාපොරොත්තු වෙනවා.

නත්තල සමය උදාවීමත් සමග ලොකු කුඩා කාටත් මතක් වෙන්නේ නත්තල් සීයා. ලොව බොහෝ රටවල් සිගිත්තන් හා කුඩා දරුවන් සැනසීමට නත්තල් සීයාගේ තෑගි උපයෝගී කර ගන්නවා.

Latest News