මන්ත්‍රී රිය අනතුරට රියදුරු අත්අඩංගුවට

පෙබ 13, 2024
    පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද (13) අලුයම 1.00ට පමණ අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරනවා.

    පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

    තුවාල ලබා ඇත්තේ අත්ට්රැක්ටරයක් පදවා ගෙන ගිය පුද්ගලයා බවයි, පොලීසිය සඳහන් කරන්නේ.
     
    අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම - අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්රදීප් නම් අයෙක්. ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
     
    මන්ත්රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ අත්ට්රැක්ටරයක පිටුපස මන්ත්රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබිණි.
     
    අනතුර සම්බන්ධයෙන් මන්ත්රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.
     
    සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Latest News