ඇමෙරිකානු යුද හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජන 29, 2024
    ජෝර්දාන - සිරියා දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමෙරිකානු යුද කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරයෙන් සෙබළුන් තිදෙනෙකු මියගිය බවයි ඇමෙරිකාව පවසන්නේ.

    ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ගැටුම් පවතින මැදපෙරදිග කලාපයේදී ඇමෙරිකානු සෙබළුන් පිරිසක් මිය ගිය පළමු අවස්ථාව මෙයයි.

    ප්‍රහාරයෙන් තවත් සෙබළු විශාල සංක්‍යාවක් ප්‍රතිකාර ගන්නා බව ඇමෙරිකානු බලධාරීන් පවසනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය සිදු කරන ලද බවයි.
    ප්‍රහාරකයින් විනාශ කිරීමට ඇමරිකානු සන්නද්ධ හමුදා ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා. ගැටුම් පවතින කලාපයේ එඇමෙරිකානු කඳවුරුවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති නමුත් මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් කිසිදු හානියක් සිදුව නැහැ.
    නවතම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැහැ. මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීමට නිලධාරීන් කටයුතු කරයි.
    ජෝර්දානය පවසන්නේ ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානය තුළ නොව සිරියාවේ බවයි. ඉහළපෙලේ ඇමෙරිකානු හමුදා නිලධාරීන් පවසන්නේ එම කඳවුරේ සිටි හමුදා නිලධාරීන් 34 දෙනෙකු කම්පන තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ගන්නා බවයි. හමාස් ප්‍රහාරයෙන් පසුව ඉකුත් වසරේ ඔක්තෝම්බර් 17 වැනිදා සිට මේ දක්වා ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර 97 වතාවක් එල්ල වී තිබෙනවා.
    Last modified on සදුදා, 29 ජනවාරි 2024 10:22

    Latest News