හිදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන රෝගීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර ලබාදීම, හොරණ දිස්ත්‍රික් මහ රෝහලෙන් ආරම්භ කර තිබෙනවා. ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙසයි.
අභ්යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත්ව තිබෙනවා.
යුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජෝර්දාන - සිරියා දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමෙරිකානු යුද කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරයෙන් සෙබළුන් තිදෙනෙකු මියගිය බවයි ඇමෙරිකාව පවසන්නේ.
ගත වූ පැය 24 තුළ දිවයිනපුරා සිදු කෙරුණු මෙහෙයුම්වලින් අපරාධකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙහිදී හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.
යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්රව්ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 822 දෙදෙනෙකු අවසන් පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කළුබඩු නිෂ්පාදන මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා චීන වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට චාරිකාවක නිරතව සිටිනවා. චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42 ක නියෝජිතයන් ඊට අයත්.

එකම සන්නාමයක් යටතේ පමණක් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය වත්තල නගරයේදී එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින විවෘත කළේය.

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්රව්ය ලෙස බඩඉරිගු මෙට්රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

හපුතලේ සහ දියතලාව අතර 155 ,1/4 ස්ථානයේ දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

කැලණිය විශ්වවිද්යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්යයන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන්ම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අද දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නිල්වලා ගංගා ද්රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

සුවසැරිය ගිලන්රථ සේවාව වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා නව යෙදවුමක් හඳුන්වාදී තිබෙනවා.  රෝගියා, රෝහල්ගත කිරීමට පෙර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්‍ෂණිකව ලබාදීම මෙහි අරමුණයි.

පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්රධාන මාර්ගය මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා. ඒ පැය 16 කට පසුවයි.
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියැදුරන් තම වාහන මීටර 50 ක පමණ පරතරයක් තබා ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.
සාමාන්ය පෙළ ප්රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා පවසනවා.

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. එම උතුම් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

1. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම.
2. ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
3. බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම.
4. පසුවස් පවාරණය කළ යුතු දිනය වීම.
5. චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම.
6. අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම.

යනාදී කරුණු රැසක්ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබෙනවා.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතෙරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙරට මෙන්ම ලොව පුරා සියලු බෞද්ධයෝ අද දිනයේ විවිධ පින්කම් වල නිරත වනවා.

නාවලපිටිය අධ්යාපන කලාපයට අයත් රඹුක්කන මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

Latest News