ජාත්‍යන්තරයම වැළඳගත් අපේ දේ

දෙසැ 22, 2023
    ශ්‍රී ලංකාවේ කළුබඩු නිෂ්පාදන මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා චීන වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට චාරිකාවක නිරතව සිටිනවා. චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42 ක නියෝජිතයන් ඊට අයත්.

    50 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ඊයේ සාකච්ඡාවක නිරත වුණා.

    රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
    චීන වෙළෙඳ නියෝජිත පිරිස මෙහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකියි. මෙරට කුළුබඩුවල නිෂ්පාදන තත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සූදානම් බවත් ඔවුන් ප්‍රකාශ කලා.
    චීන නියෝජිත පිරිස බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි අලෙවිසැලද නිරීක්ෂණය කළා.

    Latest News