අමෙරිකාව තුළ ජනගහනයෙන් 50%ක් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනූව මිලියන 165කට වැඩි පිරිසක් අද වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන්, අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම 10%කින් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. නව ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් එරට සෑම ප්‍රාන්තයකින්ම වාර්තා වී තිබේ.

අමෙරිකාව යුධ නෞකාවක් ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 40,000ක් පුපුරවා හැර අත්හදා බැලීමක් සිදුකර තිබේ. ඒ එවැන්නකින් නෞකාවට වන හානිය පරීක්ෂා කිරීම සඳහායි.

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට 37 ලක්ෂ 6,000 ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකාව, කොවිඩ් - 19 වෛරසය තම රටේ විද්‍යාගාරයකින් පැමිණියේ දැයි සෙවීමට නව පරීක්ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් චීන අප්‍රසාදය පළ කරයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හරහා සිදුවන දූෂණය පිටුදැකීම සඳහා වන පරිසර හිතකාමී වැඩපිළිවෙලට අමෙරිකා එක්සත් ජනපදය ආධාර සපයයි.

අමෙරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී පමණක් වසරකින් පහළ බැස ඇති බව වාර්තා පෙන්වා දෙයි. කොරෝනා වෛරසය ඊට හේතුව බවයි, විශේෂඥයින් පවසන්නේ.

කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට 24 ලක්ෂ 40,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් මියගොස් තිබේ. දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව පහත වැටී ඇතත් ගතවූ පැය 24 තුළ දී ගෝලීය වශයෙන් 11,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසයෙන් මිය ගියේය.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දස කෝටි 74 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කො‍රෝනා මරණ සංඛ්‍යාව 23 ලක්ෂ 50,000කට අධිකයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා මරණ 3,265ක් සිදුව ඇති බවයි, නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනෙට් මණ්ඩලය පවසයි. ඊට අදාළ ඡන්ද විමසීමේ දී දෝෂාභියෝගය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනෙට් බහුතර ඡන්දය හිමිව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.