ටික්ටොක් සමාගම සහ එහි මව් සමාගම ඇමරිකානු රජය විසින් නිකුත් කළ පරිපාලන නියෝගයට එරෙහිව නඩු පවරන බව, ටික්ටොක් සමාගම පසුගිය 22 වන දින ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් නව ලක්ෂ හැත්තෑ තුන් දහස ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 55,148 දෙනා සමගයි.

අමෙරිකාව තුළ ගතවූ පැය 24ට නව කොරෝනා ආසාදිතයන් 68,569 දෙනෙක් වාර්තා විය. එරට ආසාදිතයන් සංඛ්‍යාව 46 ලක්ෂ 34,000 ඉක්මවා ඇති බවයි, වාර්තා වන්නේ.

චීනයේ ශෙන්ග්ඩු නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමෙන් පසු එහි සිටි අමෙරිකානු තානාපති නිලධාරීන් ඊයේ ඉන් පිටව ගියේය.

ඉකුත් පැය 24 තුළ ද ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

අමෙරිකාවේ කොරෝනා වෛරසයට ගොදුරු වූ සමස්ත සංඛ්‍යාව 31 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනා ගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 61,848ක්.

අමෙරිකාවේ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව විසිහත් ලක්ෂ 27,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනය තුළ ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ අමෙරිකාවෙන්.

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත සංඛ්‍යාවට වඩා දස ගුණයක් පමණ විය හැකි බව බලධාරීන් පවසයි. නිල වාර්තා පෙන්වා දෙන්නේ, එරට ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට විසි පන් ලක්ෂය ඉක්මවා ඇති බවයි.

අමෙරිකාවේ විරැකියාව තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේ පමණක් අමෙරිකානුවන් පහළොස් ලක්ෂයකගේ රැකියා අහිමිවී ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.