වර්ෂාව අයර්ලන්තයට ඡය ගෙනෙයි

ඔක් 26, 2022

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ එංගලන්තය අතර තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යයයට අනුව ලකුණු 5 ජයක් ලබාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

    මේ හේතුවෙන් සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රීලංකාව දෙවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණියා.

    අද තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නා. ඒ අනුව, අයර්ලන්තය රැස් කර ගත් මුළු ලකුණු සංඛ්‍යාව 157 ක්. නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 62 ක් ලබා ගත්තා. ලෝකන් ටකර් ලකුණු 34 යි. පන්දු යැවීමේදී මාර්ක් වුඩ් සහ ලියම් ලිවිස්ටන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

    ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා ගිය එංලගන්ත කණ්ඩායම පන්දු වාර 14 පන්දු 3ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 105ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව අයර්ලන්තයට ලකුණු 5ක ජයක් හිමිවුණා. එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ඩේවිඩ් මලන්. ඔහු ලකුණු 35යි. පන්දු යැවීමේ දී ජොෂ් ලිටිල් කඩුළු 2ක් දවාගත්තා.

    Latest News