ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ හෙට සිට වසා තබන බව විදෙස් මාධ්‍ය කියා සිටී.

අමෙරිකානු සාගර බලකායට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක්, ජපානයට ආසන්න මුහුදු සීමාවේදී අතුරුදන්වෙයි.

චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගේ දියණිය කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාව තම ප්‍රබලතම චන්ද්‍රිකාව සාර්ථක කක්ෂගත කිරීමට සමත් වෙයි. අන්තර්ජාල සබඳතා පුළුල් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

ප්‍රංශ රජය, ජනතා විරෝධයට හිස නමමින් බදු බර තවදුරටත් ලිහිල් කිරීමට සූදානම් වෙයි.

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි මියගිය බවත්, ඒ වෙනුවට ඒ පෙනුමට සමාන අයෙක් ජනාධිපති තනතුරේ කටයුතු කරන බවට පැතිරෙන කට කතාවල කිසිඳු සත්‍යයක් නොමැති බව, ජනාධිපති බුහාරි කියා සිටී.

නැගී එන උග්‍ර ජනතා විරෝධය හමුවේ ප්‍රංශ රජය එරට ඛනිජ තෙල් බද්ද මාස 6කට අත්හිටුවයි.

ප්‍රංශයේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවති විරෝධතා හේතුවෙන් කාන්තාවක් මිය ගියාය.

අභාවප්‍රාප්ත හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා සිදු කෙරේ.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදී නායකයෙක් අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව එරට ජනතාව වීථි බැස උද්ඝෝෂණ වල නිරත වෙති.

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව ප්‍රංශ ජනතාව ගෙන යන විරෝධතා ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

දස දහසක ගොවීන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී විරෝධතාවක නියැලී තිබේ.

අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත විය.

යේමනයේ, සෞදි අරාබි හමුදාවට ලබාදෙන සහය ඉවත්කර ගත යුතු බවට වූ යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ දී සම්මත වී තිබෙනවා.

අමෙරිකාවේ නත්තල් සැණකෙළිය ආරම්භ වී තිබේ.

යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ නෙටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

ස්ලොවේනියාවේ හමුදාපති ධූරයට ප්‍රථම වරට කාන්තාවක් පත් කෙරුණා.

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බව, ඉන්දීය රජය පවසනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ද්විපාර්ශවික සාකච්ජා ඇතිවීම අවිනිශ්චිත බව, වාර්තා වෙයි.

Latest News