පැරිසියේ, ට්‍රෙවීස් වීදියේ  (Rue de Trévise) බේකරියක ගෑස් කාන්දුවක් නිසා ඇතිවූ පිපිරීමකින් 20 දෙනෙක් තුවාල ලබා තිබේ.

තම ජීවිතයට තර්ජන ඇති බව පවසමින් තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොලේ රැඳී සිටි සෞදි ජාතික තරුණියට කැනඩා පුරවැසිභාවය හිමිව තිබේ.

යෝජිත තාප්පයට මුදල් ලබා නොදුනහොත්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාල ආශ්‍රිත සැකකටයුතු පාර්සල් කිහිපයක් හේතුවෙන් එරට පොලීසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹයි.

අමෙරිකා එක්සත් ජනපදයත් සමගින් පවත්වන යුද අභ්‍යාස වෙනුවෙන් දුපතක් මිලදී ගැනීමේ ජපානය තීරණය කර තිබේ.

සිරියාව තුළ සටන්වැද සිටින කුර්දි සටන්කාමීන් ආරක්‍ෂා කර දෙන ලෙස අමෙරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම, තුර්කි ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර ඇත.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ චාරිකාවක නිරත වෙයි.

ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් හදිසියේ ඉල්ලා අස්වී තිබේ.

දිගු කළක සිට පවතින විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පවසයි.

මැලේසියාවේ 5 වැනි සුල්තාන් මොහොමඩ් රජු සිහසුන අතහැර යාමට තීරණය කර තිබේ.


කොංගෝ ජනරජයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කෙරේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හින්දු කෝවිලයට කාන්තාවන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව හේතුවෙන්, ප්‍රාන්තයේ කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

12 වැනි දිනටත් අමෙරිකානු රජයේ වැඩකටයුතු අර්ධ වශයෙන් ඇණහිට තිබේ.

රුසියාවේ - මැග්නිටෝගෝර්ස්ක් නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ ගෑස් කාන්දුවීමක් නිසා ඇතිවූ පිපිරීමකින් 9 දෙනෙක් මිය යති.

ජායිර් බොල්සොනාරෝ බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි.

නව වසර උදාව ලෝකයේ රටවල් උත්සවශ්‍රීයෙන්  සමරනු ලැබීය. 

කෙංගෝ ජනරජයේ ජනාධිපතිවරණයට බාධා එල්ල වෙයි. විවිධ ගැටලු හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන බොහොමයක නිසි වේලාවට මැතිවරණය ආරම්භ කිරීමට නොහැකිවීමට ඊට හේතුවයි.

නව මැතිවරණයක් පැවැත්විය යුතු බවට බංග්ලාදේශ විපක්ෂය කියා සිටී.

බංග්ලාදේශයේ මහ මැතිවරණය අදයි.

පිලිපීනයේ, මින්දනාඕ දූපත්වලට දකුණින් වූ මුහුදේ භූ කම්පනයක් හටගනී.

Latest News