හෙලිකොප්ටර් යානා අනතුරකින්, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ ගිනිකොනදිග ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ වැසි සහිත කුණාටු තත්වයකින්, සිව්දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, ඊයේ (16) බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ  පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුවයි.

උතුරු ගාසා තීරයේදී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේම සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායල යුද ටැංකි දකුණු ගාසා නගරයට ඇතුළු වීමත් සමග පසුගිය සතිය තුළ පලස්තීනුවන් හාර ලක්ෂ 50,000 කට ආසන්න පිරිසක් රෆා දේශ සීමාවෙන් පළා ගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊශ්‍රායලයට ඩොලර් බිලියන 1 ක යුද ආයුධ පැකේජයක් ලබාදීමට ධවල මන්දිරය තීරණය කර ඇතැයි,  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ‍ෆෝර්ට් මැක්මරී ප්‍රදේශය හරහා හමා එන ලැව් ගිනි තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ගාසා තීරයේ, රෆා හි රෝහලකට යමින් සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රැගත් රථයකට, ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ ඇරයුමක් අනුව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා චීනයේ නිල සංචාරයකට එක්වෙයි.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීමට ජගත් මහා මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් වැඩි කිරීමට සූදානම් බැවින් තවත් දස දහස් ගණනක පලස්තීනුවන්ට රෆා නගරය හැර යන ලෙස දන්වා තිබෙනවා.

අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසනවා.
රුසියාව දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය පරදා ලැබූ ජය සංකේතවත් කරමින් අදාළ සැමරුම් රැළිය මෙවරද උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය හංගේරියානු නිල සංචාරය අරඹයි. එරට ජනාධිපති Sulyok Tamas  සහ අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව, හංගේරියානු වේලාවෙන් 8 වැනිදා චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින්, Budapest අගනුවර වෙත ළඟාවිය.

අද (08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වනවා.
ඊශ්රායලය ගාසා තීරයේ රෆා ප්රදේශය වෙත ප්රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ සටන් විරාම ගිවිසුමකට හමාස් සංවිධානය පල කළ එකඟතාව ප්රතික්ෂේප කරමින්.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (6) පස්වරුවේ එලිසේ මාලිගයේ දී පැවැත්විණ.

හමාස් සංවිධානය, ගාසා තීරයේ සිට රොකට් ප්රහාර එල්ල කිරීම නිසා, ඊශ්රායලය කෙරම් ෂාලෝම් නමැති මාර්ගය වසා දමා තිබෙනවා.

ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට ඒඅයි නිවේදකයින් දෙදෙනෙක්.

Latest News