චීනයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී, මා ජියෑන්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ.

ඇෆ්ගනිස්තානයේ රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ යයි.

අමෙරිකානු සහ මෙක්සිකෝ දේශසීමාවේ දී සිදු වූ සරණාගත ගැටලුවකින් ගෝතමාලාවේ දරුවෙකු මිය යයි.

ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ රැසක් පසුබෑමකට ලක්වෙයි.

නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්විණ.

මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය හෙළිකොප්ටර් අනතුරකින් ජිවිතක්‍ෂයට පත්වූවාය.

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරායාමෙන් ඇතිවූ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 281 දක්වා ඉහළ යයි.

පකිස්තාන අධිකරණය එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට යළි සත් වසරක සිර දඬුවමක් නියම කරයි.

නේපාලයේ බස් රථ අනතුරකින් 23 දෙනෙක් ජිවිතක්‍ෂයට පත්වෙති.

ඉන්දුනිසියාවේ සිදුවූ භූමි කම්පාවක් හේතුවෙන්, සුනාමි තත්වයක් හටගනී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් මණ්ඩලය අතර මතභේදයක ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු රාජ්‍ය යාන්ත්‍රණයේ සියයට 25ක් පමණ අකර්මන්‍ය වෙයි.

කොන්ගෝ රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට එරට මැතිවරණ කොමිසම තීරණය කරයි. 

තල්මසුන් දඩයම යළි ආරම්භ කිරීමට ජපානය සූදානම් වෙයි.

චීන-අමෙරිකා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පැවැත්වීමට තීරණය කෙරේ.

බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ප්‍රංශය තම නවතම හමුදා ඔත්තු බැමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සූදානම් වෙයි.

“ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය” ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර සැමරුම් සමුළුව අද (18) උදෑසන චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්විය.

බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

යේමන රජයේ හමුදා සහ හවුති කැරලිකරුවන් අතර සටන් විරාමය හෙට සිට ආරම්භ වන බව, හවුති නායකයෝ පවසති.

උතුරු ජපානයේ සපෝරෝ නගරයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 41කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Latest News