ගින්නට බිලිවූ චීන මල් කැකුළු

ජන 20, 2024

    මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් සිසුන් 13 ‍දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ප්‍රාථමික ශ්‍රේණි සඳහා වන පෞද්ගලික පාසලක නේවාසිකාගාරයක ගින්න හට ගත් බවයි. මෙම පාසල පිහිටා ඇත්තේ, මධ්‍යම චීනයේ “හෙනාන්” පළාතේ “යැන්ෂාන්පූ” ගම්මානයේ. මරණයට පත් සියලුදෙනා තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් බව, එහි ගුරුවරුන් පවසනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පාසලේ කළමනාකරු ආරක්ෂක අංශ බාරයට ගෙන විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

    Latest News