සඳට ගිය පස් වැනියා

ජන 20, 2024

    සඳ මතුපිට චන්ද්‍ර ගවේෂණ යානායක් සාර්ථකව ගොඩබැස්සවීමට ජපානය සමත්ව තිබෙනවා.

    “මූන් ස්නයිපර්” නමැති ලෑන්ඩරය, සඳ මතුපිට සිය පළමු ඓතිහාසික ගොඩබෑම සිදු කර ඇති බවයි, වාර්තා වන්නේ. ඒ අනුව, සඳ මතුපිට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්ස වූ ලොව පස්වැනි රට බවට ජපානය පත්ව සිටිනවා. සිය “මූන් ස්නයිපර්” ලෑන්ඩරය, ප්‍රථම වරට සාර්ථකව සඳ මතු පිටට ගොඩබැස්ස වූ නමුත්, එහි සූර්ය බල ශක්ති පද්ධතියෙහි යම් ගැටලුකාරී තත්වයක් හට ගෙන ඇති බවයි, ජපාන අභ්‍යවකාශ ග‍වේෂණ ඒජන්සිය පවසන්නේ. එහි තත්වය පිළිබඳව අඛණ්ඩව පරීක්ෂා කරමින් සිටින බව ද, එම ඒජන්සිය සඳහන් කළා.

    Latest News