හමුදා උපදේශකයින් 5ක් බිලිගත් ඩමස්කස් ප්‍රහාරය

ජන 21, 2024

    ‍සිරියාවේ “ඩමස්කස්” අගනුවරට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, සිය හමුදා උපදේශකයින් පස් දෙනෙකු මියගොස් ඇති බව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක බලකාය පවසනවා.

    ප්‍රහාරය එල්ල වී  තිබුණේ, අගනුවර පිහිටි නේවාසික ගොඩනැගිල්ලකටයි.

    ප්‍රහාරය සම්බන්ධව,  ඊශ්‍රායලයට චෝදනා කරමින් ඉරානය කියා සිටින්නේ, ඊට ප්‍රතිචාර දක්වන බවයි. ගුවන් ප්‍රහාරය සඳහා මිසයිල 4 ක් යොදාගෙන ඇති බව, ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    මෙහිදී සිව් මහල් නේවාසික ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ  වී ගොසින්. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ,  ඊශ්‍රායලය සිය ආක්‍රමණශීලී සහ ප්‍රකෝපකාරී ප්‍රහාර දැඩි කිරීම, සිය රජය විසින් තරයේ හෙළාදකින බවයි.

    Latest News