රුසියානු තෙල් ගබඩා සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර

ජන 20, 2024

    යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩා සංකීර්ණයකට අලාබ හානි සිදුව තිබෙනවා.

    කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බව, ‍රුසියානු බලධාරීන් සඳහන් කළා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, රුසියාවේ “බ්‍රයන්ස්ක්” කලාපයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයකටයි. පසුව එහි ගින්නක් හට ගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එහි තෙල් ටැංකි 4 ක් ගිනි ගෙන ඇති බවයි.

    ගින්න වර්ග මීටර දහසක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොසින්. “බ්‍රයන්ස්ක්” කලාපයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ, යුක්‍රේන ඩ්‍රෝන යානය “ක්ලින්ට්සි” නගරය ආසන්නයේදී ආරක්ෂක අංශ භාරයට ගත් බවයි. එහි තිබූ පුපුරන ද්‍රව්‍ය, තෙල් ගබඩා සංකීර්ණය මතට වැටී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. දින දෙකක් තුළ රුසියානු තෙල් පිරිපහදුවලට එල්ල වූ දෙවැනි යුක්‍රේන ප්‍රහාරය මෙය බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News