ලෙජන්ඩ්ස් කුසලානයට පන්දු වාර 15යි

මාර් 06, 2024

    ලොව රටවල් ගණනාවක දස්කම් දැක්වූ විශ්‍රාමලත් ක්‍රිකට් කීඩකයන් 120ක් පමණ කණ්ඩායම් හතක් නියෝජනය වන පරිදි වෙන්දේසි කරමින් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 වන දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    දින 14 ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියට පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය,දකුණු අප්‍රිකාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතයි.

    කණ්ඩායම් හතට වෙන්දේසි කරන ලද ක්‍රීඩකයන් අතර යුවරාජ් සිං, ක්‍රිස් ගේල්, සුරේෂ් රයිනා, බෙන් ඩන්ක්, රොස් ටේලර්,ජොහාන් බෝතා, හර්භජාන් සිං, ෂහීඩ් අෆ්රිඩි, කම්රාන් අක්මාල්, සනත් ජයසූරිය, මිස්බා-උල්-හක්, අම්බාති රායුදු ,ඩිවේන් බ්‍රාවෝ , තිසර පෙරේරා සහ ඉම්රාන් තහීර් ඇතුළත් වූහ. මෙවර තරගාවලියට සටන් කණඩායම් හත වන්නේ රාජස්තාන් කිංස්, දිල්ලි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස්.

    මෙවර මෙම තරගාවලිය පන්දු 90 (පන්දු වාර 15) ආකෘතිය අනුව ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

    Latest News