ලොව රටවල් ගණනාවක දස්කම් දැක්වූ විශ්‍රාමලත් ක්‍රිකට් කීඩකයන් 120ක් පමණ කණ්ඩායම් හතක් නියෝජනය වන පරිදි වෙන්දේසි කරමින් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 වන දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය‍ කොදෙව් කණ්ඩායම පරාජය කරමින්. තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර.

‍රෝඩ් සේ‍ෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ ‍ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 3 ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ දී.

ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වේ.

Latest News