පාපැදි සවාරියේ අවසන් දවස අදයි

මාර් 07, 2024
    ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියර අද උදෑසන වවුනියාව, ගුවන් හමුදා කඳවුර අසළින් ආරම්භ කෙරුණා.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීවයි, මෙවර පාපැදි සවාරිය පැවැත්වෙන්නේ.
    25 වැනි වරට පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය, කිලෝමීටර 654 ක දුරක් ආවරණය කරමින් දින 5 ක් පුරා ක්‍රියාත්මක කෙරුණා. එහි 5 වැනි එනම් අවසන් දිනය අදයි.
    පළමු දිනයේ ජය වාර්තා කිරීමට සමත් වුණේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නදීෂ ඒෂාන්.
    දෙවැනි අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිපුන සොනාල් සමත් වුණා.
    තුන් වැනි අදියරේ ජය හිමි කර ගත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ පසිඳු තිසේරා.
    ඊයේ පැවති සිව්වැනි අදියරේ ජය වාර්තා කළේ, නාවික හමුදාවේ ප්‍රභාෂ් වීරසිංහ.
    වවුනියාවේ සිට යාපනය දක්වා කිලෝමීටර 144 ක දුරක් අද තරගය ක්‍රියාත්මකයි.
    වවුනියාව, ගුවන් හමුදා කඳවුර අසළින් ආරම්භ වී පුලියන්කුලම, මානකුලම්, කිලිනොච්චි, අලිමංකඩ, මුහමාලේ, නාවක්කුලි හන්දිය අසළින් යාපනය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයෙන් තරගය අවසන් කිරීමට නියමිතයි. පාපැදි සවාරිය, රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරෙනවා.

    Latest News