ශ්‍රී ලංකා Legends අවසන් වටයට සුදුසුකම් ලබයි

ඔක් 01, 2022

    රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය‍ කොදෙව් කණ්ඩායම පරාජය කරමින්. තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර.

    අවසන් පූර්ව තරගය ඊයේ පැවැත්වුණේ රායිපූර්හිදී. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට  පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබා දුන්නා.

    ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172 ක්. ඉෂාන් ජයරත්න ලකුණු 31 ක් රැස් කළ අතර, සනත් ජයසූරිය‍ ලකුණු 26 යි. ජීවන් මෙන්ඩිස් ලකුණු 25 ක් රැස් කළා. පන්දු යැවීමේ දී දේවේන්ද්‍ර බිෂෝ ලකුනු 17 කට කඩුලු 2යි.

    පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 158 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ නර්සිං ඩෙනරින් පන්දු 39 ක දී ලකුණු 63 ක් රැස් කළා.

    ඔහුගේ ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 4 ක් ඇතුළත්.  පන්දු යැවීමේ දී සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුලු 2 බැගින් දවා ගත්තා. ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 14 කින්.

    ශ්‍රී ලංකාව සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අවසන් මහ  තරගය අද රාත්‍රී 7.30 රායිපූර්හිදී ආරම්භ වනවා. එය රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Latest News